රනිල්ට විශේෂ ආරක්‍ෂාවක්

Report

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රක්‍ෂිත බන්ධනාගාරගත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යොදවා ඇත.

ඒ අනුව, ඔහු රඳවා සිටින දැඩි සත්කාර ඒකකයට බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකු යොදවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

මෙම නිලධාරීන් අතර ජේලර්වරුන් දෙදෙනෙකු සහ අවි සහිත නිලධාරීන් සිව්දෙනෙකු ද ඇතුළත් වේ. ඊට අමතරව, දැඩි සත්කාර ඒකකය අවට පොලිස් ආරක්‍ෂාව ද යොදවා ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා ඊයේ (23) කොළඹ ජාතික රෝහල වෙත මාරු කරනු ලැබුවේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ය.

රනිල්ට දෙමළ ජනතාව ඉන්නවා - සිකුරාදා දවස බලලම උසාවි දාලා එතන ලයිට් නිවලා රනිල්ගෙන් පලි ගත්තා ඔහොම සෙල්ලම් දාන්න එපා

රනිල්ට දෙමළ ජනතාව ඉන්නවා - සිකුරාදා දවස බලලම උසාවි දාලා එතන ලයිට් නිවලා රනිල්ගෙන් පලි ගත්තා ඔහොම සෙල්ලම් දාන්න එපා

එය ඔහුගේ මූලික වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සහ වැඩිදුර ප්‍රතිකාර සඳහා බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.

එම පරීක්ෂණ අවසන් වී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ පසු, ඔහු යළි වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒමට සැලසුම් කර ඇත. 

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

"බරපතළ නැහැ වයස නිසා රුධිර පීඩනය ඉහළට" - වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ

පසුගිය 22 වැනිදා රාත්‍රියේ අධිකරණයෙන් රැගෙන ආ හිටපු ජනාධිපතිවරයා මුලින් මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එහි රැඳවියෙකු ලෙස ලියාපදිංචි කරනු ලැබීය. ඉන්පසු සිදුකළ වෛද්‍ය පරීක්ෂාවකදී ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීමට නිර්දේශ කෙරිණි.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි