රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක

GMOA Sri Lanka Strike Sri Lanka Latest Headlines Doctors Sinhala news
By Shehan Aug 24, 2025 07:53 AM GMT
Shehan

Shehan

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (25) උදෑසන 8:00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානම, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල වන බලපෑම්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ හා උපකරණ රෝහල්වලට ලබා නොදීම හේතුවෙන් නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටීමේ අවදානම ඇති බව සලකා මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව GMOA සඳහන් කරයි.

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

රනිල්ට අසාධ්‍යයි උසාවි එන්න බෑ - නිසි ප්‍රතිකාර නැත්නම් වකුගඩුවට හා මොළයට හානියක් වෙයි

GMOA විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ අවිධිමත්, අකාර්යක්ෂම සහ විනිවිදභාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය සහ දුෂ්කර පළාත්වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට බිඳවැටී ඇති බවයි.

මේ හේතුවෙන් රට පුරා රෝහල් 200කට ආසන්න ප්‍රමාණයක් වැසී යාමේ අවදානමකට මුහුණ දී ඇති අතර, අනෙකුත් රෝහල්වල වෛද්‍යවරුන් හිඟවීම හේතුවෙන් ඇතැම් ඒකකවල කටයුතු අඩාල වීමේ අවදානමක් මතුව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ පාලනයේ..දැන් තමයි සත්‍යය මුහුණු එන්නේ මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ, අත්අඩංගුවට ගන්න මොහොතකට පෙර රනිල් අඬ අඬ කිව්ව දේ

මේ පාලනයේ..දැන් තමයි සත්‍යය මුහුණු එන්නේ මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ, අත්අඩංගුවට ගන්න මොහොතකට පෙර රනිල් අඬ අඬ කිව්ව දේ

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වැටුප්, දීමනා හෝ පහසුකම් ඉල්ලමින් ආරම්භ කරනු ලබන්නක් නොවන බවත්, ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය සහ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳවැටීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට බලපෑම් කිරීමේ අරමුණින් මෙය සිදුකරන බවත් GMOA පවසයි.

එසේම, ජනතාව වෙනුවෙන් GMOA කොන්දේසි විරහිතව පෙනී සිටින මොහොතක, රාජ්‍ය මාධ්‍ය යම් පිරිසක් විසින් වගකීම් විරහිතව මඩ ප්‍රචාර සහ ජනතාව නොමඟ යවන ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවන බවත් GMOA චෝදනා කරයි.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

විශේෂ විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි

විශේෂ විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක by rishma