"ආණ්ඩුවේ ජනප්‍රිය අඩුවෙන කොට මේ වගේ ගොබ්බ චූන් වැඩ කරන්නෙක අලුත් නෙමෙයි" - මුජිබුර්

Anura Kumara Dissanayaka Mujibur Rahman Latest Headlines Sinhala news Ranil Wickremesinghe Arrested
By Shehan Aug 24, 2025 07:38 AM GMT
Shehan

Shehan

Report

අනුර කුමාර දිසානායක මහතා විසින් විපක්ෂයේ සියලුම දෙනා එකතු කර තිබෙන බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් විශේෂ නිවේදනයක්

“ආණ්ඩුවේ ජනප්‍රියභාවය අඩුවෙන කොට ඔවුන්ගේ ජනප්‍රිය බව රැක ගැනීම සඳහා ඔවුන් මොකක් හරි චූන් කරන වැඩක් කරනවා. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න ඒගොල්ලෝ බටලන්ද කොමිසම පාර්ලිමේන්තුවට ගෙනාවා. බටලන්ද කොමිසමට ගන්නවා කිව්වා. ඒක වුණේ නෑ. දැන් මහ බැංකු සිද්ධිය කෝ? ඊලඟට කිව්වා බාර් පර්මිට් 250ක් දුන්නා කියලා.

මෛත්‍රීපාල සිරිසේන රනිල් වෙනුවෙන් පෙරට - රට බේරාගන්න සියලු දෙනාට ආරාධනා

මෛත්‍රීපාල සිරිසේන රනිල් වෙනුවෙන් පෙරට - රට බේරාගන්න සියලු දෙනාට ආරාධනා

ඒකට අත්අඩංගුවට ගන්නවා කිව්වා. ඒකත් කරන්න බැරි වුණා. අන්තිමට මොකක්ද කළේ? පිට රටක ගිය ට්‍රිප් එකක රජයේ මුදල් භාවිතා කළා කියලා චෝදනාවක් දාලා දැන් අරගෙන තියෙනවා. ඒකෙත් පැමිණිලිකාරයා කවුද? ජනාධිපතිතුමාගේ ලේකම්. ඒකෙන්ම පේනවනේ මේක දේශපාලන පළිගැනීමක් කියලා. ඒගොල්ලෝ කියපු දේවල් කිසිවක් ඒගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච නිසා ජනාධිපති ලේකම් ලවා පැමිණිල්ලක් දාලා දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

අනුර කුමාර පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් පළාත් පාලන මැතිවරණයේදී ගිය ගමන් වලට පෙට්‍රල් ගැහුවේ පැලවත්තෙන්ද? ජනතාවගේ බදු මුදල් වලින් පෙට්‍රල් ගැහුවේ. ජනතාවගේ මුදල් අවභාවිතා කිරීම කියලා ජනාධිපතිවරයාටත් ඕක වැටෙනවා. මතක තියාගන්න. එයාගේ දේශපාලන වැඩ වලට එයා ජනතා මුදල් පාවිච්චි කරලා තියෙනවා.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

අනුරාධපුරේටද කොහෙද හෙලිකොප්ටරෙන් ගියා කියලා තව මොකක්ද එකක් කියනවා. ඒවා ගැනෙන්නෙත් ජනතාවගේ මුදල් අවභාවිතාවක් කිරීම විදිහට තමයි. අනෙක නීතිය සැමට සාධාරණයි කියලා පෙන්වන්න දැන් ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ කැබිනට් එකේ චෝදනා තියෙන අය නඩු තියෙන අය නැද්ද? ඒ නඩු වෙන වෙන උසාවි වලට මාරු කරගන්න ඒ අය කටයුතු කළේ නැද්ද? අල්ලස් දූෂණ චෝදනා ලබපු ඇමතිවරයෙක් ඉන්නවා.

නීතියේ ආධිපත්‍යයට ඉඩ දීලා ඒ ඇමතිවරයා හරි නම් ඉල්ලා අස්වෙන්න එපැයි. ඔවුන්ට නීතියේ ආධිපත්‍යය නෑ. දැන් විරුද්ධ පක්ෂය දඩයම් කරන්න පටන් අරගෙන තියෙනවා. ආණ්ඩුවට රිදෙන්න ගහන අය දඬුවම් කරන්න පටන්ගෙන තිබෙනවා.”

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්