තවත් දරුණු අනතුරක් 4ක් රෝහලේ
Hospitals in Sri Lanka
Accident
Latest Headlines
gagana news
By Mithu
පානදුර රෝහලට පැමිණ ත්‍රිරෝද රථයකින් නිවසට යමින් සිටි ළමුන් දෙදෙනෙකු කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු රැගත් ත්‍රීරෝද රථයක් ජීප් රථයක ගැටී සිදු වූ රිය අනතුරකින් සිව් දෙනාම රෝහල් ගත කළ බව වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත් මවක, ඇයගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරකු හා ත්‍රිරෝද රථ රියදුරු වන බවත්, කාන්තාව ගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය සදහන් කරයි.
ඔවුන් කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත්, පානදුර රෝහලට පැමිණ නැවත නිවස කරා යමින් සිටියදී අනතුර සිදුව ඇති බවත් සදහන් වේ.
ත්‍රී රෝද රථය පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර, පොහද්දරමුල්ල විදුහල ආසන්නයේදී කළුතර දෙසින් පැමිණි ජීප් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය කීය.