"බ්‍රදර් මේ වැටෙන් ඉස්සරහා ඉඳගෙන අපේ දරුවන්ගේ අහිංසක අරගලයට නිවැරදි දැක්මක් දෙන්න. වැටෙන් පිටිපස්සේ මම ඔබත් එක්ක ඉන්නවා." පාන්දර 4.00 ට අරගලේට එකතු වු බ්‍රදර් චාල්ස් තෝමස් ඇහැට කදුලක් එක්කරමින් කියු කතාව මෙන්න...(VIDEO)(PHOTO)
මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකරමින් අසාර්ථක පාලනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින්, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධතාවය සඳහා එක්වී සිටින පිරිස් තෙවන දිනයටත් අඛණ්ඩව මේ වන විට රැඳී සිටිනවා.
මහජන විරෝධතාවයෙදි විරෝධතාකරුවන් ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටි
මේ වන විට මෙම විරෝධතාවය ආරම්භ වී පැය 48කටත් වඩා ගතවී ඇති අතර අද දිනයේදී ද කොළඹ ගාලු මුවදොර පිටිය සහ ඒ අසල රැඳී සිටින ජනතාව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයේ යෙදිමින් සිටිනවා.
අද පාන්දර 4.00 ට උපුල් ශාන්ත සන්නස්ගල සර් සමග බ්‍රදර් චාල්ස් තෝමස් එම ස්ථානයට පැමිණුනා .
එහිදි ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපිට තිබෙන යකඩ වැට උඩට නැග බ්‍රදර් චාල්ස් තෝමස් ප්‍රභල කතාවක යෙදුනා.
එම කතාවෙන් පසු ඔහු තම face book ගිණූමේද මෙමෙද සදහන් කර තිබුණා .
"උදේ 4.00 ට සන්නස්ගල සහෝදරයා එක්ක ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපිට තිබෙන යකඩ වැට උඩට කොල්ලන්ගේ උදව්වෙන්ම නැගලා ස්පීකර් එක අතට ගත්තෙ අපේ රටේ කොල්ලො කෙල්ලො ටික ගෙනියන ශුද්ධවූ අරගලයට හයියක් වෙන්න.
වෛරයට ඉඩ නොදී අපි එකිනෙකා තුල තිබෙන බලය..අධ්‍යාත්මික ශක්තිය මත පදනම් වෙලා, මේ දූෂිත ..වංචනික ..බලලෝභී සියළු දෙනා පරාජය කර... ආගම් බේධ. ජාති බේධ.. පක්ෂ බේධ සියල්ල පරයා මනුෂ්‍යත්වය දිනවන අරගලයට කොල්ලන්ට හයිය දෙන්න.
ඔබ දිනනවා...පුතේ... දරුවන්ට කතාකරලා යකඩ වැටෙන් බිමට බහිනකොටම මගේ ජංගම දුරකතනය නාද වුනා.
පොලීසියේ උසස් නිළධාරියෙක් මට කතා කලා.
බ්‍රදර් මේ වැටෙන් ඉස්සරහා ඉඳගෙන අපේ දරුවන්ගේ අහිංසක අරගලයට නිවැරදි දැක්මක් දෙන්න.
වැටෙන් පිටිපස්සේ මම ඔබත් එක්ක ඉන්නවා....කඳුළක් කඩා හැළුනා මගෙ ඇහෙන්...ආදරෙයි...."
ඔහුගේ කතාවේ විඩියෝ සහ ඡායාරූප පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
