ගෝල්ෆේස් වැටලීමකින් පොලීසිය ට හමුවූ දේ..(VIDEO)

Sri Lanka Police Galle Face Protest Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sithumi Aug 12, 2022 01:55 PM GMT
Sithumi

Sithumi

Report

දින 125ක පමණ කාලයක් පුරා ගාලු මුවදොර රැඳී සිටි අරගලකරුවන් සියලුම දෙනා අද (12) එම ස්ථානයෙන් ඉවත් විය. ඒ ඔවුන්ගේ අවසන් කූඩාරම ද ඉවත් කරගනිමිනි. ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටි උද්ඝෝෂණ ස්ථානයේ දිගින් දිගටම රැඳී සිටි අරගලකරුවන්ගෙන් පිරිසක් පසුගිය 9 වනදා රාත්‍රියේ එම භූමියෙන් ඉවත්වී තිබුණි.

නමුත් තවත් පිරිසක් අද දහවල් දක්වා එම ස්ථානයේ රැඳී සිටිනු දක්නට ලැබුණි. දහවල් 12ට පමණ පැමිණි පොලිස් නිලධාරීන් එහි රැඳී සිටින අරගලකරුවන්ට දැනුම්දුන්නේ මිනිත්තු 15ක් තුළ එම ස්ථානයෙන් ඉවත් වන ලෙසය.

අනතුරුව එහි සිටි පිරිස් කුඩාරම් හා අට්ටාල ගැලවීමට පියවර ගෙන තිබුණි. එහි සිටි පිරිස් භාවිත කළ බව කියන මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය කිහිපයක් ද සොයාගත් බවද පොලීසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW