ගොල්ෆේස් අරගලය ඉවරයි.. දැන් සෙනග නෑ.. ජනතා සහායත් නෑ..- මෝටිවේෂන් අප්පච්චි අරගල රහස් හෙලි කරයි…(VIDEO)

By Sithumi May 30, 2022 06:28 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බලකරමින් ආරම්භ කරන ලද ගාලුමුවදොර විරෝධතාවය මේ වනවිට අවසානයට ලඟා වී ඇති බව සමාජ ක්‍රියා මාධ්‍ය ක්‍රියාකාරික වනු මෝටිවේෂන් අප්පච්චි හෙවත් සංජු සමරසිංහ සඳහන් කරයි.

අද වන විට අරගල භූමියේ සෙනග නැති බවත් ජනතා ආධාර උපකාරද නොලැබී ගොස් ඇති බවත් හෙතෙම පවසයි. ජනතා විමුක්ති පෙරමුණ අරගලයට මැදිහත් වීමත් සමග අරගලය දියාරු වී ගිය බවත් ඔහු සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now