"කිසිම පාට පක්ෂ නොමැතිව රටේ පාලනයට එරහිව නැගී සිටින ජනතාව ඉන්නේ , කන්නෙ නැතිව පොඩි ළමයි බත් පැකට් එක ගෙනත් දිලා යනවා" ගාලුමුවදොර අරගලයේ වත්මන් තත්ත්වය...(VIDEO)
ගාලු මුවදොර පිටිය ආසන්නයේ ආණ්ඩුවට එරෙහි විරෝධතා තවදුරටත් තෙවන දිනයටත් අද පැවැත්වෙනවා.
වැසි නොතකා විරෝධතාව සඳහා පැමිණි පිරිස රැය පහන් වන තුරුම ගාලු මුවදොර පිටිය අසළ රැඳී සිටිනවා.
මෙරට, ආර්ථික අර්බුදයකට යොමුකරමින් අසාර්ථක පාලනයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා කරමින්, විරෝධතාකරුවන් ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලා සිටි.
අප ගගන මාධ්‍යවේදින් සදහා අදහස් දක්වමින් ඉසුරු බෙන්තරආරච්චි කියා සිටියේ රට වෙනුවෙන් මෙම සේවාව කරන බවත් තමන්ගේ ධනය කාලය කැප කිරිමක් කරමින් සියලු දෙනාම මෙය කරන බවත් ඔහු පවසයි.
"ජාති කුල භේදයක් නොමැතිව අපි මෙතන ඉන්නේ ,කිසිම අයිතිකාරයෙක් පාට පක්ෂ නොමැතිව රටේ පාලනයට එරහිව නැගී සිටින ජනතාව ඉන්නේ ,කන්නෙ නැතිව පොඩි ළමයි බත් පැකට් එක ගෙනත් දිලා යනවා ඒ මේ පාලනය ගැන ඒ ළමයෙක්ගේ ලේ වලට ඉදන් ගිහින් තියෙන්නේ මේ රජයට විරුද්ධව තියන වේදනාව වියරුව නෙවෙයිද" යනුවෙන් ඔහු පවසයි
එම විඩියෝව පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |