15 හැවිරිදි දැරිය අන්තර්ජාලය හරහා විකිණු තවත් පිරිසකට වැඩ වරදී..? (VIDEO)

By Sewvandhi Aug 12, 2021 01:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය හරහා මුදලට විකිණීම සම්බන්ධයෙන් තවත් පිරිසක් පොලිසිය විසින් කොටු කරගෙන තිබේ.

එනම් දැරිය විකිණීම සම්බන්ධයෙන් භාවිතා කළ තවත් වෙබ් අඩවි 4ක් පවත්වාගෙන යාම තහනම් කර ඇත.

වයස අවුරුදු 15ක දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික ශ්‍රමිකයෙක් ලෙස අලෙවි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 30 දෙනෙකුට අධිකව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ගල්කිස්ස පොලිසිය ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගැනුණු පිරිස අතර ආදාල දැරියගේ මව සහ චීවර ධාරියෙකු ,මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනකු , විශේෂඥ වෛද්‍යවරයෙකු ,ඇමතිවරුද සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මාස තුනක පමණ කාලයක සිට අදාල දැරිය මෙලෙස අලෙවිකර ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මීට අමතරව දැරිය අලෙවි කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමට වෙළඳ දැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් දසදහසේ සිට රුපියල් තිස්දහස අතර මිල ගණන් වලට දැරිය විවිධ පුද්ගලයින්ට අලෙවිකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

මීට පෙර, ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නාවික හමුදා විශේෂඥ වෛද්‍යවරයාගේ වැඩ තහනම් කිරීමට නාවික හමුදාපතිවරයා තීරණය කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව සිදු කෙරෙන විනය පරීක්ෂණ කටයුතුවල මූලික පියවරක් ලෙසටයි අදාළ වැඩ තහනම සිදුකර ඇත්තේ.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු  සදහන් කළේ ඊට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි. ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියත් සමඟයි මෙවැනි වෙබ් අඩවි පිළිබඳව සමාජයේ කථාබහක් ඇතිවුණේ.

ඉන් එක් වෙබ් අඩවියක නිර්මාණකරු සහ සහයක අත්අඩංගුවට ගෙන මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර අවසන්. කෙසේ වෙතත්, තවදුරටත් මෙවැනි ආකාරයේ වෙබ් අඩවි හදුනාගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කළේ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha