ගගන උදෑසන පුවත්. (VIDEO)

Poson poya day Sri Lanka Weather Sri Lankan Schools Education
By Wayomi May 31, 2023 06:00 AM GMT
Wayomi

Wayomi

Report

සිරස්තල

- ජාතික පොසොන් සතිය අද සිට

- අගමැති තායිලන්තයට

- මෝය කටෙන් හමු වූ මළ සිරුර

- ශිෂ්‍යත්ව අභියාචනාවලින් සමත් වූ සිසුන්

- මතීෂට හිමි වූ සුපිරි තැන

- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි


පුවත් කෙටියෙන්

? ජාතික පොසොන් සතිය ආරම්භ වීමට නියමිතයි.මිහින්තලය හා අනුරාධපුර පූජා නගර කේන්ද්‍ර කරගනිමින් මෙම පොසොන් උත්සවය පැවැත්වීමට ද නියමිතයි.මෙම පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව ඇතුළු සියලු පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බව ජාතික පොසොන් කමිටු සභාපති ජනක ජයසුන්දර ප්‍රකාශ කර තිබෙනවා.

? නිල සංචාරයක් සඳහා අගමැති දිනේෂ් ගුනවර්දන ඇතුළු දූත පිරිස් 11 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපොලෙන් තායිලන්තය බලා පිටත්ව ඇති බව වාර්තා වුණා.

? 2022 අද්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිපල අගෝස්තු මස වන විට ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

? පානදුර සාගර මාවතේ මෝයකට අසල දුම්රිය පාලම යට තිබී පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු වී තිබෙනවා.මෙම මියගිය පුද්ගලයා වයස් අවුරුදු 50ක් පමණ වන පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහුගේ ශරීරය හඳුනාගත නොහැකි තරමට ඉදිමි ගොස් ඇති බව පොලිසිය වාර්තා කළා,මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

? 2022 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා සලකා බැලීමේදී එම විභාගය අසමත්ව සිටි සිසුන් 146 දෙනෙකු කඩඉම් ලකුණු අභිබවා විභාගය සමත් ව තිබෙනවා,විභාග කොමසාරිස්වරයා පවසා සිටියේ අභියාචනා සලකා බැලීමේදී සිසුන් 867 දෙනෙකුගේ ලකුණු මට්ටම් වෙනස් වූ බවයි.

? ලෝ ප්‍රකට විස්ඩන් සඟරාව විසින් 2023 IPL තරඟාවලිය සඳහා එක් වූ ක්‍රීඩකයින් අතරින් සුවිශේෂී දකෂතා දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබෙනවා.ඒ අනුව එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කල ශ්‍රී ලංකා වේග ඔංදු ක්‍රීඩක මතීෂ පතිරන ද ඇතුලත් වීම විශේෂත්වයක්.

? දිවයින පුරා තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තම්නේතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අද උදෑසන වැසි ඇති විය හැකි බව සඳහන්.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW