දේශපාලනඥයින් ගැන ඥානසාර හිමි ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.
Sri Lanka
Parliament
Political
Ganasara himi
By Aruna
මෙරට තුළ ජාතීන් අතර සහජීවනය ඇති කිරීම සඳහා දේශපාලනඥයින් පුනරුත්ථාපනය කළ යුතු බව "එක රටක් එක නීතියක්" සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.
දේශපාලනඥයින් තම පැවැත්ම උදෙසා සිද්ධි නිර්මාණය කරමින් සිටින අතර එසේත් නොමැති නම් ඇතිවන සිද්ධීන් ඔවුන්ගේ බල උවමනා සඳහා යොදා ගන්නා බව උන්වහන්සේ සඳහන් කළහ.
"එක රටක් එක නීතියක්" සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය මධ්‍යම පළාතේ ජනතාවගේ අදහස් විමසීමේ කටයුතු පෙරේදා ආරම්භ කළේය.
ඒ අනුව, අදහස් ලබාගැනීම අද (27) තුන් වන දිනටත් සිදුකෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |