පාපන්දු ලෝක කුසලා අවසන් මහා තරගයේ සිදුවන දෙයක් ගැන නිවේදනයක්..
By Aruna
මෙවර ලෝක කුසලානය සිය අවසන් ලෝක කුසලානය බව ආර්ජන්ටිනා පාපන්දු නායක ලයනල් මෙසී නිවේදනය කරනවා.
මේ ඉරිදා කටාර් හි දී පැවැත්වෙන අවසන් මහා තරගය මෙසීගේ අවසන් මහා තරගය වනු ඇති.
ප්‍රංශය හා මොරොක්කෝව අතර අද (14) පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම ඉරිදා ආජන්ටිනාව සමඟ තරග වැදීමට නියමිත යි.
සිය 5 වැනි ලෝක කුසලානයට ක්‍රීඩා කරමින් 35 හැවිරිදි මෙසී, ලෝක කුසලාන තරගාවලියේ ආර්ජන්ටිනාව වෙනුවෙන් වැඩි ම ලකුණු ලාභියා ලෙස ගේබ්‍රියෙල් බැටිස්ටුටා අභිබවා ගෝල 11ක් ඇස් කරගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |