රක්ෂිතයක් ගින්නෙන් ඇවිලී යයි - අක්කර 03ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වෙලා..

Sri Lanka Fire Wildfire
By krishani Jun 05, 2023 02:41 AM GMT
krishani

krishani

Report

ඊයේ (04) උඩදුම්බර - කහටගොල්ල රක්ෂිතයේ නවනගල ප්‍රදේශයේ කන්දක හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධව ආපදා කළමනාකරණ නිලධාරීන්, වන ජීවී නිලධාරීන් සහ අඩවි වන නිලධාරීන් මෙම ගින්න සම්බන්ධව දැනුවත් කිරීමට උඩදුම්බර පොලිස් ස්ථානය කටයුතු කර ඇත.

මේ වන විට ගින්න පාලනය වී ඇති අතර අක්කර 03ක පමණ භූමි ප්‍රමාණයක් ගින්න හේතුවෙන් විනාශ වී තිබෙනවා.

කෙසේවෙතත්, ගිනි ගත් ප්‍රදේශයේ නිවාස නොමැති අතර උඩදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join