ප්‍රවේශමෙන් ඔබේ වාහනය ගැනත් සැලකිලිමත් වන්න...නවතා තිබූ වාහනවල ඉන්ධන වලට මොකද වුනේ...
අළුත්ගම පොලිස් වසමේ ස්ථාන කිහිපයකදී නිවාස වල දින කිහිපයක් පුරා රාත්‍රියේ නවතා තබන ත්‍රීරෝද රථ වල ඉන්ධන ටැංකි තුළ පුරවා තබන පෙට්‍රල් ප්ලාස්ටික් බැරල් වලට පුරවා සොරකම් කළ බව කියන සිව්දෙනෙකු අද(10) අත්අඩංගුවට ගත් බව අලුත්ගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාපැවසීය.
මෙවැනි සිද්ධින් සම්බන්ධයෙන් ලද පැමිණිලි ඔස්සේ ක්‍රියාත්මක වූ පොලීසිය ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
මේ පිළිබඳ සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ ත්‍රීරෝද රථ නවතා තිබෙන පරිශ්‍ර තුළට රහසිගතව ඇතුළු වී එම සැකකරුවන් ත්‍රිරෝද රථවලින් ඉන්ධන සොරකම් කර අනතුරුව ත්‍රිරරෝද රථයේ අඟුලු ද කඩා ඒ තුළ තිබෙන (කැබි හෝල් ) සුළු මුදල් ප්‍රමාණයන් ද සොරකම් කර ඇති බවට පැමැණිලි ලැබුණූ බවයි.
සැකකරුවන්මෙම සොරකමට පැමිණෙන්නේද තවත් ත්‍රීරෝද රථයකින් බවත් සොරකම් කරන ලද ඉන්ධන අලෙවිකර මත්කුඩු පානයට මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙලෙස ඉන්ධන සොරකම් කරන බව ද පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් බොන්දුපිටිය, බේරුවල කාලවිල කන්ද සහ මාතර ප්‍රදේශවල පදිංචි පදිංචිකරුවන් බවත් මාතර ප්‍රදේශයේ සැකකරු අධිකරණ කිහිපයකින් වරෙන්තු ලැබු අයකු බවපොලිසිය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |