රුසියාවෙන් කඩිනමින් ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා අරඹයි

Report

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හදිසි හමුවක් අද (13) දහවල් අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙම හමුවට කම්කරු, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සහ අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම නිලධාරීහු ද එක්ව සිටියහ.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාල බිඳවැටීමට විසඳුමක් ලෙස රුසියානු තෙල් මිලදී ගැනීමට අවසර දෙමින් ඒ සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟ මෙම හදිසි හමුව පවත්වන ලදි .

විදේශ අමාත්‍යවරයා රුසියානු ඉන්ධන ලබා ගැනීම පිළිබඳව රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා සමඟ සාකච්ඡා කර ඇත.

  ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම වහාම රුසියානු රජයට දැන්වීමට තානාපතිවරයා එකඟතාව පළ කර තිබේ ඒ මහතා පොරොන්දු වූයේ එමෙන්ම අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් මීට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක රුසියාවේ සහාය හිමිවන බව මෙම සාකච්ඡාව අතරතුර රුසියානු තානාපතිවරයා පෙන්වා දෙන ලදි