ඉන්ධන පිරවුම්හල් 40කට ඉන්ධන අලෙවිය අත්හිටුවයි.
Sri Lanka
Kanchana Wijesekera
By Wayomi
ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.
ඒ, QR කේතයට පරිබාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදුකරන ලද ඉන්ධන පිරවුම්හල්වලටයි.
අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවකදීයි.
ඊට අමතරව එම හමුවේදී ඉදිරි සති 8 වෙනුවෙන් ඉන්ධන ආනයන සැලසුම, පිරිපහදුවේ කටයුතු සහ උත්සව සමයේ අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම පිළිබඳ සාකච්ඡා කර ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |