ඉන්ධන QR ක්‍රමය නැවත සක්‍රීයයි- තාක්ෂණික ගැටලු අදින් විසඳෙන බව රජය කියයි

Report

මාර්තු 15 වන දින සිට නැවත ක්‍රියාත්මක කළ ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමවේදය තුළ වාහන අයිතිය වෙනස් වීම්, ජංගම දුරකථන අංක වෙනස් වීම් ආදී ගැටලු හේතුවෙන් ඇති වූ බාධක මේ වන විට පිළියම් යොදා ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.

විශේෂයෙන්ම, වාහන අලෙවි කළ පුද්ගලයින්ට තම ගිණුමෙන් එම වාහන ඉවත් කිරීමේ පහසුකම ලබා දී ඇති අතර, නව වාහන ලියාපදිංචි කිරීම් සඳහාද ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙම ගැටලු සම්පූර්ණයෙන්ම විසඳීමට අද (17) උදෑසන වන විට සියලු තාක්ෂණික බාධක ඉවත් වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පල කිරීමක් ගැන පොලිසියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පල කිරීමක් ගැන පොලිසියෙන් නිවේදනයක්

මැද පෙරදිග භූ-දේශපාලනික අර්බුදය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් දාමයට බලපෑම් එල්ල වීම හා දේශීය ඉල්ලුම ඉහළ යාම හමුවේ ඉන්ධන සංචිත සුරක්ෂිත කර ගැනීම සඳහා මෙම QR ක්‍රමවේදය නැවත හඳුන්වා දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයකින් සඳහන් කළේය.

අනවශ්‍ය කලබලයකින් තොරව, පෝලීම් හෝ අනිසි තොග රැස් කිරීම් වැළැක්වීමට මෙම ක්‍රමවේදයට සහය දක්වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

QR ක්‍රමය යටතේ සතියකට ලබා දෙන ඉන්ධන කෝටාවන්:

මෝටර් රථ සඳහා ලීටර් 15ක්, යතුරු පැදි සඳහා ලීටර් 5ක්, වෑන් සඳහා ලීටර් 40ක්, බස් රථ සඳහා ලීටර් 60ක් ලෙස නියම කර ඇත.

අල්ලස් කොමිසම දේශපාලන ආයුධයක්ද? සාගර කාරියවසම්ගෙන් බරපතල අනතුරු ඇඟවීම්

අල්ලස් කොමිසම දේශපාලන ආයුධයක්ද? සාගර කාරියවසම්ගෙන් බරපතල අනතුරු ඇඟවීම්