අව් වැසි , රෑ දහවල් නොතකා දින 10ක් තිස්සේ පෝලිම්වල සිටින පිරිසක් ගැන සංවේදී පුවතක්..

Sri Lanka Economic Crisis Sri Lanka
By krishani Jun 13, 2022 07:53 AM GMT
krishani

krishani

Report

හැටන් - කොටගල නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල භූමිතෙල් මිල දී ගැනීමට දින 10ක් තිස්සේ පෝලිම්වල රැදි සිටින පාරිභෝගියන් පිරිසක් පිළිබඳව අප වාර්තාකරුවන් සඳහන් කළා ය.

එම ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නොතකා දිනපතා අලුයම ඉන්ධන පිරවුම්හල අසලට පැමිණ භූමිතෙල් ලබා ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැඳී සිට රාත්‍රී කාලයේ ආපසු නිවාස කරා යන අතර ඉන්ධන පිරවුම්හලේ සේවකයින් තමන්ට කිසිවක් ප්‍රකාශ නොකරන බවත්, නිශ්චිත වශයෙන් තෙල් නිකුත් කරන දිනය පවසනවා නම් තමන් පීඩාවට පත් නොවන බවත් පාරිභෝගිකයන් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join