ඉදිරි දින කිහිපයේ ලංකාවේ ඉන්ධන සම්බන්ධයෙන් භයානන ආරංචියක්..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Jun 14, 2022 04:44 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියානු ණය ආධාර යටතේ පැමිණෙන අවසන් වූ ඉන්ධන නෞකාව හෙට දිනයේ මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව ඩීසල් හෝ පෙට‍්‍රප් නෞකාවක් පැමිණෙන දිනයක් නිශ්චිතව සඳහන් කිරීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

මේ හේතුවෙන් ඉදිරි දින වලදී ඩීසල් හා පෙට‍්‍රල් හිගය උග්‍ර වනු ඇති බවත් තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග කියා සිටී.

දැනටමත් කිලෝමීටර් ගණන් පවතින ඩීසල් පෙට්රල් පෝලිමේ ඉදිරි දින කිහිපය අනතුරුව තවදුරටත් දීර්ඝ වනු ඇතැයි එම ආරංචි සඳහන් කරයි.

තෙල් සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටොන් විසිදාහක් සහ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් දසදහසක් පමණ පවතී.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි දැවි තෙල් නෞකාවකට අදාල මුදල් ගෙවීමට නොහැකිව දින විස්සක පමණ කාලයක් තිස්සේ මුහුද මුහුදේ නවත්වාගෙන සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now