දින 11ක ඉන්ධන පෝලිමක්..
Fuel Price In Sri Lanka
Sri Lanka
By Aruna
කොටගල නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසල භුමිතෙල් මිල දි ගැනිම සදහා පාරිභෝගියන් පිරිසක් දින 10 ක් තිස්සේ පොලිම් වල රැදි සිටින බව වාර්තා වනවා.
එම පාරිභෝගිකයන් කියා සිටින්නේ ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයද නොතකා දිනපතා අලුයම ඉන්ධන පිරවුම්හල අසලට පැමිණ භුමිතෙල් ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල රැදි සිට රාත්‍රි කාලයේ ආපසු නිවාස කරා යන බවයි.
මේ අතර ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ද තමන්ට කිසිවක් ප්‍රකාශ නොකරන බවත්, නිශ්චිත වශයෙන් භුමිතෙල් නිකුත් කරන දිනය තමන්ට පවසන්නේ නම් තමන් පිඩාවට පත් නොවන බවද භුමිතෙල් ලබා ගැනිමට පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |