ලංකාවේ ඩීසල් හිඟයට හේතුව මෙන්න..අද දකුණේ විශේෂ මෙහෙයුමකින් හමුවෙයි..

Fuel Price In Sri Lanka Sri Lanka Police Sri Lanka
By Aruna Jun 03, 2022 05:06 AM GMT
Aruna

Aruna

Report

විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමක දී ඩීසල් තොගයක් නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටි අයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී ඩීසල් ලීටර් 1700ක් සොයා ගැනුණු අතර, මෙම වැටලීම සිදු කර ඇත්තේ මිද්දෙණිය පොලිස් වසමේ කටුවන පාරේ පිහිටි නිවසකදියි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි වියෙහි පසුවන මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now