ඉන්ධන මිල ගණන් දැනෙන ගණනකින් පහළ දමයි?..අද ජනතාවට සුබ ආරංචියක්..

Report

මෙරට මාසිකව සිදු වන්නට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ලෝක වෙළදපොළේ ද බොරතෙල් මිල ගණන් වල පෙරට වඩා යම් ආකාරයෙන් ඉහළ යෑමක් පසුගිය දිනයන්හි වාර්තා වුණා.

මේ අතර ගාසා යුද්ධයේ සටන් විරාමයක් සඳහා එකඟතාවක් මෙතෙක් ඇති නොවීමත් ඊශ්‍රායල - හෙස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමග පවතින යුද උණුසුම හමුවේ මැදපෙරදිග කලාපයේ දැන් පවතින්නේ අස්ථාවර වාතාවරණයක්.

අද ලග්න කිහිපයකට අමතර ධන ලාභ හිමිවේ..තවත් ලග්න වලට වැයපස ඉහලට..මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගත් මතුවේ.

අද ලග්න කිහිපයකට අමතර ධන ලාභ හිමිවේ..තවත් ලග්න වලට වැයපස ඉහලට..මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගත් මතුවේ.


මෙහි ඍජු බලපෑමක් විදියට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සාපේක්ෂව ඉහළ යාමක් පසුගිය දින වල වාර්තා වේ.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 80කට ආසන්න මිලකට පසු ගිය දින වල වාර්තා වුණා.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිලත් ඩොලර් 75.50 ඉක්මවා ගියා.

මැදපෙරදිග කලාපයේ තෙල් ඍජුවම බාධා එල්ලවීමේ අවදානම වගේම අමෙරිකානු මධ්‍යම සංචිතය මඟින් පොලී අනුපාතික පහත හෙළීමට පවතින හැකියාවක් මේ විදියට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමට බලපා තිබේ.

කෙසේ නමුත් චීනය ඇතුළු ප්‍රධාන පෙළේ ආර්ථිකයන් මන්දගාමීවීම නිසා ඉල්ලුම පහළයාමේ ප්‍රවණතාව නිසා තෙල් මිල විශාල වශයෙන් ඉහළයාමක් මෙතෙක් වාර්තා වී නැහැ.

අමෙරිකාව ඇතුළු ප්‍රධාන පෙළේ තෙල් පරිභෝජනය කරන රටවල තෙල් සංචිතවල පහත වැටීමකුත් මේ වනවිට වාර්තා වේ.

එමෙන්ම තෙල් මිල ඉහළ මට්ටමක පවත්වාගැනීම සඳහා දැනට ක්‍රියාත්මක නිෂ්පාදන කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුද යන්න ඔපෙක් සංවිධානය මේ සතියේ තීරණය කිරීමට නියමිතව ඇත.

හස්ත රේඛාවලට අනුව සැප්තැම්බර් 21 වෙනිදා නව ජනපති වෙන්නේ කවුද?..රනිල්, සජිත්, අනුර, නාමල් අතරේ සිවිකොන් සටනක්.. අලුත්ම ප්‍රතිඵලය මෙන්න.

හස්ත රේඛාවලට අනුව සැප්තැම්බර් 21 වෙනිදා නව ජනපති වෙන්නේ කවුද?..රනිල්, සජිත්, අනුර, නාමල් අතරේ සිවිකොන් සටනක්.. අලුත්ම ප්‍රතිඵලය මෙන්න.


කෙසේවෙතත් ජාත්‍යන්තරයේ සිදුව ඇති මෙම තත්ත්වයන් ද සැලකිල්ලට ගෙන, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මේ වන විට මැතිවරණයක් ප්‍රකාශයට පත්වී ඇති මොහොතක අද මාධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිත ඉන්ධන මිල මෙරට ජනතාවට දැනෙන බලපෑමකින් අඩු කෙරෙනු ඇතැයි බොහෝ විද්වතුන්ගේ මතයයි.

කෙසේනමුත් පසුගිය කාලයේ අධික ලෙස ඉහළ ගිය ඉන්ධන මිල ගණන් තවමත් මෙරට ජනතාවට දැනෙන ගණනකින් අඩු නොකිරීම කණගාටුවට කරුණකි.

මේ අනුව පසුගිය කාලසීමාවේ අධික ලෙස ඉහළ දැමූ ඉන්ධන මිල ගණන් පහළ ගිය ආකාරය මාස 04ක විශ්ලේෂනාත්මකව විමසා බලමු.

ඒඅනුව, මාර්තු මස 31දා වන විට රුපි­යල් 371ක්වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීට­ර­යක මිල අප්‍රේල් මාසයේ රුපි­යල් 03කින්ද, මැයි මස මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් මැයි මස 13කින්ද, ජුනි මස මිල සංශෝ­ධ­න­යේදී 11කින්ද වශ­යෙන් පසු­ගිය මාස 04තුළ රුපි­යල් 27කින් අඩුවී වන්නට වුණා.

මාර්තු මාසයේ රුපි­යල් 448කට පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීට­ර­යක මිල මාර්තු මාසයේ මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 07කින්ද, අප්‍රේල් මස මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 20කින්ද අඩුවූ අතර මැයි මස මිල සංශෝ­ධ­න­යේදී වෙන­සක් සිදු වූයේ නැහැ.

නමුත්, ජුනි මාසයේ මිල සංශෝ­ධ­න­යේදි රුපි­යල් 41කින්ද මිල අඩු කරනු ලැබීය. ඒ අ­නුව පසු­ගිය මාස හතර තුළදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීට­ර­යක මිල රුපි­යල් 68කින් අඩුවී ඇත.

ඉතා ඉහළ අගයකින් වැටුප් වැඩි කිරීමක් ගැන සුබ ආරංචියක්..රාජ්‍ය සේවයේ මුලින්ම වැඩි වන පිරිස මෙන්න.

ඉතා ඉහළ අගයකින් වැටුප් වැඩි කිරීමක් ගැන සුබ ආරංචියක්..රාජ්‍ය සේවයේ මුලින්ම වැඩි වන පිරිස මෙන්න.


මාර්තු මාසයේ මිල සංශෝ­ධ­නය වන විට රුපි­යල් 363ක් වූ සුදු ඩීසල් මිල අප්‍රේල් මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 03කින්ද, අප්‍රේල් මාසයේ මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 16කින්ද අඩු­විය.ජුනි මාසයේ මිල සංශෝ­ධ­න­යේදී එහි මිල සංශෝ­ධ­න­යක් සිදුවූයේ නැහැ. ඒ අනුව මාස හතර තුළ මිල සංශෝ­ධ­න­යේදී සුදු ඩීසල් රුපි­යල් 19කින් අඩුවී තිබේ.

මාර්තු මස මිල සංශෝ­ධ­නය වන විට 458ක්ව පැවැති සුපිරි ඩීසල් මිල මාර්තු සං‍ශෝධ­න­යේදී රුපි­යල් 72කින් අඩුවූ අතර එය අප්‍රේල් මස මිල සංශෝ­ධ­න­යේදී රුපි­යල් 09කින් අඩු­විය.ජුනි මාස­යට අදාළ සංශෝ­ධ­න­යේදී තවත් රුපි­යල් 22කින් මිල අඩු­විය. ඒ අනුව ගෙවී ගිය මාස හතර තුළ සිදුවූ මිල සංශෝ­ධ­න­ව­ලදී සුපිරි ඩීසල් මිල රුපි­යල් 116කින් අඩු­වීමද විශේෂත්වයක්.

කෙසේනමුත් අවසන් වරට අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිල ගණන් සංශෝධනයක් පැවතිය ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවන බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් ප්‍රකාශ කළා.

ත්‍රිවිධ හමුදාවගේ වැටුප් වැඩි කිරීම ගැන රජය ගත් තීන්දුව මෙන්න..වැඩි කරන දිනය ගැනත් දැනුම්දීමක්.

ත්‍රිවිධ හමුදාවගේ වැටුප් වැඩි කිරීම ගැන රජය ගත් තීන්දුව මෙන්න..වැඩි කරන දිනය ගැනත් දැනුම්දීමක්.


මේ අනුව ඉන්ධන මිල ගණන් අඩු කරන බවට මේ වන විට මැතිවරණ වේදිකාවල සහ ප්‍රතිපත්ති ප්‍රකාශන වල අඩංගු කර තිබුණ ද ජනතාවට කලික් පෙට්‍රල් ලීටරයක පැවති 150 හේ මිල මට්ටමට අඩු කිරීම හීනයක් බවට පත්ව තිබේ.

නමුත් බොහෝ අපේක්ෂකයින් පවසන්නේ තමන් ජනපති වූ වහාම ඉන්ධන මිල ගණන් පහත හෙළන බවයි.

මෙම ප්‍රකාශයන් මැතිවරණ පොරොන්දු බවට පත් නොකර කොළකෑලි වලට පමණක් සීමා නොකර මෙරට ජනතාවට පෙර පරිදි සාධාරණ මිලක් යටතේ ඉන්ධන ලබාදීම රජයේ ප්‍රධාන වගකීමක් බව ගගන අප අදත් මතක් කර දෙන්නෙමු.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිදු වීමට නියමිත සැප්තැම්බර් මාසයට අදාල ඉන්ධන මිල සංශෝධනයට අනුව ජනතාවට දැනෙන ගණනකින් ඉන්ධන මිල ගණන් පහළ හෙලනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් දෑස් දල්වා බලා සිටී.

විශාල ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරවා හරී..මහ මුහුදේ සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න(PHOTOS).

විශාල ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරවා හරී..මහ මුහුදේ සිදු වූ බිහිසුණු සිදුවීම මෙන්න(PHOTOS).


අවසාන වශයෙන් ගගන අපගේත් බලාපොරොත්තුව මෙරට පාරිභෝගික ජනතාව මාසිකව බලාපොරොත්තු වන ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ පහත හෙළනු ඇති බවයි.