විවාහය සහ දික්කසාසය ගැන නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දැනුම්දෙයි..විශේෂයෙන් මේ අයටයි.

Vijitha Herath Wedding AKD
By Aruna Nov 06, 2024 07:45 AM GMT
Aruna

Aruna

Report

මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි තීරණයක් නොගන්නා බවත් රජයේ ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ 1951 මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) සම්බන්ධයෙන් සංවිධාන කිහිපයක් අදහස් හුවමාරු කර ගෙන ඇති බවත්, ඔවුන්ට අයිතියක් ඇති බවත් රජය එයට ගරු කරන බවත්ය.

කෙසේ වෙතත්, මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එවැනි තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් මෙතෙක් මතුව නොමැති බවත් අමාත්‍ය හේරත් මහතා පැවසීය.

සමාජ මාධ්‍ය තහනම් කරයි ද? මාර්ගගත ආරක්ෂණ පනත ගැන රජයේ ස්ථාවරය නිවේදනය කරයි.!!

සමාජ මාධ්‍ය තහනම් කරයි ද? මාර්ගගත ආරක්ෂණ පනත ගැන රජයේ ස්ථාවරය නිවේදනය කරයි.!!


“ආගමික පනත් සඳහා සංශෝධන අවශ්‍ය නම් අදාළ ආගමේ ආගමික නායකයන් සමඟ සාකච්ඡා කර ඒවා සිදු කරනවා.

ඕනෑම ආගමික පනතක වෙනස්කම් සිදු කරන්නේ එම ආගමේ නායකයින්ගේ නිර්දේශ ලබා ගැනීමෙන් පසුවයි.

ReeCha