වසරකට පසුව තෙල් මිල වාර්තාගත ලෙස පහල බසී.
Fuel Price In World
World
By Aruna
ලොව ප්‍රමුඛ ඉන්ධන සැපයුම්කරුවන් සැපයුම අඩු කිරීමට කටයුතු කිරීමත් චීනය සහ අමෙරිකාව වැනි රටවලින් ඉල්ලුම අඩුවීමත් හේතුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.55ක් දක්වා ද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.48 දක්වාද අඩුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.
මේ දක්වා පසුගිය සති 4 පුරාම බොර තෙල් මිල පහළ යමින් පැවති අතර 2022 සැප්තැම්බර් මාසයෙන් පසුව එසේ බොර තෙල් මිල අඩුවූ දීර්ඝතම කාලය මෙය වනවා.
මේ හේතුවෙන් ලබන මස මුල් සතියේ මෙරට ඉන්ධන මිලත් වෙනස් වේයැයි බොහෝදෙනෙක් බලෙපොරොත්තුවෙන් සිටී.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |