හැමෝම බලාසිටි ඉන්ධන මිලට මේ සතියේ වෙන දේ මෙන්න..පෝලිමි වල ඉන්න අයටත් දැනුම්දීමක්..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera National Fuel Pass
By Aruna Nov 04, 2022 12:01 AM GMT
Aruna

Aruna

Report

මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ දින නිවේදනය කළා.

අද වන විට ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් ඇති වී ඇත්තේ ඉන්ධන මිල අඩු වේ යැයි උපකල්පනය මත ඉන්ධනහල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීමෙන් බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කළා.

ඉදිරි සති කිහිපයට ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම සතුව පවතින බවද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් කියා සිටියි.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් සියයට 80කට ආසන්න ප්‍රමාණයක මේවනවිට ඉන්ධන අවසන් වී තිබෙනවා.

මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්ද දක්නට ලැබුණ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ඉකුත් පළමුවනදා සිදුවීමට නියමිතව තිබූ මිල සංශෝධනය හේතුවෙන් පිරවුම්හල් හිමියන් අවශ්‍ය පරිදි ඉන්ධන ඇණවුම් නොකළ බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සදනායක මහතා පැවසුවේ.

කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, මෙම සතිය තුළ ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් ඉන්ධන සංස්ථාව සතුව පවතින බැවින් ඉන්ධන ඇණවුම් කරන ලෙසටද අමාත්‍යවරයා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක්ද කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now