ඉන්ධන මිල සංශෝධනය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක් - සිංගප්පූරු ප්ලැට්ස් මිල ගණන් මෙන්න
ල සූත්‍රයට අනුව අද (01) ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබුණ ද අද දිනයේ ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා,
"විශේෂයෙන් අද පළවෙනිදා.. පළවෙනිදා වෙනකොට මේ මිල සංශෝධනයක් සිදුවිය යුතුව තිබුණත් මම විශ්වාස කරන්නේ නැහැ අද තියෙන ආනයනික මිලත් එක්ක ඒ සංශෝධනය තුළින් ඉන්ධන මිලෙහි අඩුවීමක් අද දවසේ වෙයි කියලා."
"ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුළ පිරිපහදුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකවෙලා කටයුතු කරගෙන යනකොට ඒ සහනය ජනතාවට ලැබෙයි කියලා."
මීළඟ සංශෝධනය සැප්තැම්බර් 15 වැනිදා ඇගයීමට ලක් කරණ අතර,
සැප්තැම්බර් 1 වැනි දිනට සිංගප්පූරු ප්ලැට්ස් මිල නියම කිරීමේ සාමාන්‍ය පසුගිය දින 30 මත පදනම් වූ මිල ගණන් පහත පරිදි දක්වා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |