ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි වෙනසක් - මෙරට ඉන්ධන ගැනත් තීරණයක්?..

Fuel Price In Sri Lanka Sri Lanka Sri Lanka Fuel Crisis Fuel Price In World National Fuel Pass
By krishani May 30, 2023 12:40 PM GMT
krishani

krishani

Report

අද (30) ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එය සමස්ථයක් ලෙස සියයට දෙකක අඩුවීමක් ය.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 75 යි ශත 71ක් ලෙස සටහන් වී ඇති අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල සඳහන් වන්නේ ඩොලර් 71 යි ශත 48 ක් ලෙසයි.

මේ අතර, අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සලාක වැඩි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසු ගිය දා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව ලියාපදිංචි කුලී රථ ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 22ක්, සහ අනෙකුත් ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් හිමිවන බවයි සඳහන් වන්නේ.

එසේම යතුරු පැදි සඳහා සතියකට ලීටර් 14ක් සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40 ක ඉන්ධන සලාකයක් හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එමෙන්ම මේ සතියේ ඉන්ධන මිල ද සංශෝධනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටින්නේ, ලෝකවෙළඳපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහල යෑම හේතුවෙන් එහි වාසි මේ සතියේ මෙරට පාරිභෝගික ජනතාවට හිමිවීමෙන් ඉන්ධන මිල තවත් පහල යනු ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join