මාර්තු අග හෝ අප්‍රේල් මුල තෙල් මිල ඉහළට - දැන් මිලෙන් 10% වැඩිවෙන ලකුණු

Report

ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වාර්තා වන ආකාරයට ලෝක වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය හමුවේ මෙරට ඉන්ධන මිල මෙම මාසය අවසානයේ හෝ ලබන අප්‍රේල් මස මුලදී යළිත් වරක් ඉහළ යා හැකි බවයි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන ආනයන පිරිවැය ඉහළ යාම මෙයට සෘජුවම බලපා ඇති බව වාර්තා වේ.

ආරංචි මාර්ගවලට අනුව, මෙවර මිල ඉහළ යාම පසුගිය වර සිදුවූ මිල වැඩිවීමට වඩා වැඩි අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරයි. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට අමතරව, ඉන්ධන ආනයනයේදී වැයවන රක්ෂණ ගාස්තු සහ නැව් ගාස්තු ඇතුළු අනෙකුත් පිරිවැය ද මේ වන විට ඉහළ ගොස් තිබේ.

QR ප්‍රශ්ණේ ඉවරයි - කලින් QR කේතය නැවත ගන්න Override ක්‍රමයක් රජයෙන්

QR ප්‍රශ්ණේ ඉවරයි - කලින් QR කේතය නැවත ගන්න Override ක්‍රමයක් රජයෙන්

මෙම අමතර පිරිවැය සලකා බැලීමේදී ඉන්ධන මිල සියයට 5 ත් 10 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදුවන බව ද වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඉන්ධන මිල ඉහළ යාමට වැඩි ඉඩක් පවතින නමුත්, මිල සංශෝධනය සිදුවන නිශ්චිත දිනය ප්‍රකාශ කළ නොහැක යැයි පැවසූ බව වාර්තා වේ.

මේ අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇණවුම් කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 90,000 ක් සහ පෞද්ගලික සමාගමක් ඇණවුම් කළ මෙට්‍රික් ටොන් 35,000 ක තොගයක් මෙරටට ළඟා වීම ප්‍රමාද වෙමින් පවතින බව වාර්තා වේ.

ඩීසල් මිල ලීටරයකට රු. 550 - 600 දක්වා ඉහළට?

ඩීසල් මිල ලීටරයකට රු. 550 - 600 දක්වා ඉහළට?

මෙම තත්ත්වය හමුවේ එම ඉන්ධන තොග ගෙන්වා ගැනීමට අමතර පිරිවැයක් දැරීමට ද සිදුව ඇත. කෙසේ වෙතත්, ඉකුත් 17 වැනිදා පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ගෙන්වන ලද ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න ප්‍රමාණයක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා විය.

අදාළ පෞද්ගලික සමාගම ද පවතින පිරිවැය හමුවේ එම ඉන්ධන තොගයේ මිල ඉහළ දැමිය යුතු බවට රජයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ.