ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසා ඇත. එහි උප සභාපති කුසුම් සඳනායක කියා සිටියේ මේ වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවල කිසිදු ගැටලුවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, මෙරට සියලුම පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් මේ වනවිට ඉන්ධන බෙදා හැරීම සීමා කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන්ගේ සංගමය පවසයි.
ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පෞද්ගලික සැපයුම්කරුවන්ට මෙලෙස ඉන්ධන බෙදා හැරීම සීමා කිරීමට සිදුව ඇත්තේ ඔවුන් නිසි පරිදි තොග පවත්වා නොගැනීම නිසා බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ කියා සිටියේ සංස්ථාව සතුව ලබන මස අවසානය වන තෙක් ඩීසල් තොග පවතින බවයි. අදාළ සමාගම් ඩීසල් ඇණවුම් සීමා කළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කර ඇත.