ඉන්ධන සම්බන්ධව ලංකාවේ කරන්න යන අලුත්ම වැඩේ..මිලත් අඩු කරයි?..

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Apr 03, 2023 01:16 AM GMT
Aruna

Aruna

Report

යුද සමයේදී කන්කසන්තුරේ වරායේ භාවිතා කළ තෙල් ටැංකි නවීකරණය කර මුහුදු මාර්ගයෙන් උතුරට තෙල් බෙදා හැරීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇතැයි වාර්තා වනවා.

මේ අනුව නුදුරේදී ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට යාපනය දක්වා ඇරඹෙන පාරු සේවාවට (Ferry) ඩීසල් සපයා දී ඒ මගින් ඩොලර් ඉපයීමේ ආදායම් මාර්ගයක් සැකසීමටද රජයේ අවධානය යොමුව තිබෙන බවයි පැවසෙන්නේ.

මුහුදු මාර්ගයෙන් ත්‍රිකුණාමලයේ සිට ඉන්ධන ප්‍රවාහනය කිරීමටත්, ඉන්පසුව කන්කසන්තුරේ තෙල් ටැංකිවලින් යාපනයේ සිට කිලිනොච්චිය දක්වා ඉන්ධන සැපයීමටත් තීරණය කර ඇත.

ලීටර් තිස්තුන් දහසක් (33,000) රැගත් බවුසර් කොළඹ සිට රැගෙන ඒමේ වියදමට සාපේක්ෂව මුහුදු මාර්ගයෙන් ත්‍රිකුණාමලයේ සිට ඉන්ධන බෙදාහැරීමෙන් විශාල ලෙස ප්‍රවාහන වියදම අඩු කරගත හැකි බව තෙල් සංස්ථා කළමනාකාර අධ්‍යක්ෂ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පවසන්නේ.

‘‘කන්කසන්තුරේ වරායේ ඩීසල් මෙට්‍රික් ටොන් 800 ක් ගබඩා කරන්න පුළුවන්. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 100 ටැංකි හතරක් තියෙනවා.

නාවික හමුදාවේ නැවකින් වරකට මෙට්‍රික් ටොන් 100 ක් ගේන්න පුළුවන්.

මුහුදු මගින් ප්‍රවාහනය කළොත් ඉන්ධන වියදම අවම කරගන්න පුළුවන්’’ යැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now