ලංකාවේ පවතින ඉන්ධන සංචිත ගැන විශේෂ අනාවරණයක්...

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Fuel Crisis Sagala Ratnayaka
By Aruna Jun 30, 2022 06:48 AM GMT
Aruna

Aruna

Report

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා මුදල් ගෙවීම් කටයුතු ද සිදුකර ඇති අතර දාළ ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.

ඊයේ අගමැතිවරයා හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවති හමුවේදී මෙරට පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් අනාවරණය වූ අතර ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 11,000 ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000 ක් සහ දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000 ක් පවතින බවයි එහිදී සඳහන් වුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now