ඉන්ධන සඳහා අධි ඉල්ලුමක්.. වහා මිල සීමාවන් පනවයි.

Fuel Price In Sri Lanka Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Aruna Jun 29, 2022 03:04 AM GMT
Aruna

Aruna

Report

ලංකා ඉන්දීය තෙල් සමාගම තම බෙදුම්හල් මගින් පෙට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

ඒ අනුව පෙට‍්‍රල් වාහන සදහා පනවා ඇති මිල සීමාවන් මෙසේය.

යතුරුපැදි – රුපියල් 1,500

ත්‍රීරෝද රථ – රුපියල් 2,500

මෝටර් රථ – රුපියල් 7,000

සිපෙට්කෝ බෙදුම්හල් විසින් පොදු මහ ජනතාවට ඉන්ධන නිකුත් කිරීම නවතා දමා ඇති නිසා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත ඇති වී තිබෙන අධි ඉල්ලුම මත මෙම පියවර ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now