තෙල් පෝලිමකින් ඇසෙන තවත් සංවේදී කතාවක් මෙන්න..කුලියට පෝලිමේ සිටි අයෙකුට සිදුවූ දේ..

Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Jun 29, 2022 06:33 AM GMT
Aruna

Aruna

Report

දර්ගා නගරයේ අයිඕසී ඉන්ධන හලේ 28 දින රාත්‍රී ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට කුලී පදනම මත පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන්ධන හල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාරමාරු වීමට යාමේදී අලුත්ගම දෙසින් වැලිපැන්න දෙසට ගමන් ගත් ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි.

අනතුර සිදු කළ බව කියන සැකකාර රියදුරා ද දර්ගා නගරයේ ඉන්ධන පෝලිමේ සිට රාත්‍රී ආහාර ගැනීමට අලුත්ගම නගරයට ගොස් නැවත ධර්ගා නගරය දෙසට පැමිණීමේදී පාර මාරු වූ පුද්ගලයා මෙම ටිපර් රථයෙගැටී මියගොස් ඇති බව පරීක්ෂණ සිදුකරන අලුත්ගම පොලිසිය කියයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ දර්ගානගරය, පුවක් වත්ත ,අලවතුගොඩ අංක187/3 ලිපිනයේ පදිංචිව සිටි සිංගප්පුලිගේ ආනන්ද(58) නැමැති විවාහකයෙකු බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා වෙනත් අයෙකුට අයිති ලොරි රථයකට ඩීසල් ලබාගැනීම වෙනුවෙන් එදින රාත්‍රියේ එම ලොරියක් සමඟ ඉන්ධනහල් පෝලිමේ ගත කරමින් සිටියදී අලුත්ගම වැලිපැන්න දක්ශින අධිවේගී ප්‍රවේශ මාර්ගය හරහා දර්ගා නගරයේ ඉන්ධන හල ඉදිරිපිටින් පාර මාරු වීමට යාමේදී සිදුවූ අනතුරෙන් මියගොස් තිබෙන බව පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය අලුත්ගම රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා කළුතර නාගොඩ රෝහලට රැගෙන යාමට නියමිතය.

අනතුර සිදු කළ සැකකාර 29 හැවැරිදි ටිපර් රථ රියදුරා අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now