ඉන්ධන පෝලිම් නැති වෙයි..? උදෙන්ම සතුටුදායක ආරංචියක් මෙන්න..
ඩීසල් රැගත් නෞකාවක් බොහෝ දුරට අද(14) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දී ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළහ.
එහි සභාපති ශාන්ත සිල්වා වැඩිදුරටත් කියා සිටියේ අදාළ නෞකාව අද නොපැමිණියහොත් එය ලබන 17 වනදා පැමිණෙනු ඇති බවටයි.
මේ වනවිට ඩීසල් නිකුත් කෙරෙන්නේ රෝහල්, ආරක්ෂක අංශ ඇතුලු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් වන අතර පිරවුම්හල් වෙත බෙදා හැරීම් සිදුවන්නේ පෙට්‍රල් පමණයි.
ඉදිරි සතියක කාලය සඳහා බෙදාහැරීමට ප්‍රමාණවත් පෙට්‍රල් තොග පවතින බව ද ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |