ආණ්ඩුවේ මර්දනයට එරෙහිව එකමුතුව පියවර ගැනීමට සූදානම් - පුබුදු ජයගොඩ
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්‍යාලයට ඊයේ (02) යක්කලදී එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළ කරමින්, එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ආණ්ඩුවේ මර්දනකාරී හැසිරීමට එරෙහිව එකමුතුව පියවර ගැනීමට සූදානම් බව අවධාරණය කළේය.
අද (03) කොළඹ මහජන පුස්තකාලයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, එම හමුවට වෘත්තීය සමිති නියෝජිතයන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා මෙසේ පැවසීය;
“සමහරු හිතනවා යක්කලේ ඊයේ සිදුවුණු සිද්ධිය දේපළ ආරවුලක් ලෙස පමණක් සලකන්න ඕනේ කියලා. නමුත් මේක එහෙම පටු ලෙස බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සිදුවීම පිටුපස ඇති දේශපාලනික සංඥා අපි හඳුනා ගන්න ඕනේ. ආණ්ඩුවේ ගමන් මාර්ගයේ ඉඟියක් තමයි ඊයේ යක්කලේදී අපි දුටුවේ.
ආණ්ඩුව පවසනවා මෙය අධිකරණ තීන්දුවක් මත නීත්‍යානුකූලව කළ දෙයක් කියලා.
නමුත් අපි ආණ්ඩුවෙන් අහනවා, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන්ට මේ ස්ථානයෙන් ඉවත් වෙන්න කියලා එවැනි අධිකරණ තීන්දුවක් දීලා තියනවද? සහ එහෙම තීන්දුවක් තියනවනම් ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න ඇයි අධිකරණයේ පිස්කල් නිලධාරියා ආවේ නැත්තේ? දැන් මේ ආණ්ඩුව පොලිස් බලතලයි අධිකරණ බලතලයි සියල්ලම පවරගෙන වගේ තමයි කටයුතු කරමින් ඉන්නේ.
ආණ්ඩුව හිතාගෙන ඉන්නවනම් පොලිසිය, අධිකරණය ඕනෑ නැහැ, අපි තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා, ඒක බරපතල තත්ත්වයක්. ආණ්ඩුවේ මේ මැර ක්‍රියා මෙතැනින් නතර වෙන්නේ නැහැ. ආණ්ඩුව අපිට අද දික් කරපු ඇඟිල්ල ඉස්සරහට මේ රටේ ජනතාවටත් අත් වෙන්න නියමිතයි.
එදා යක්කලට ආ මැර කණ්ඩායම වැඩිහිටියන්ගේ සිට උසස්පෙළ විභාගයට පාඩම් කරමින් හිටපු ශිෂ්‍යයන් දක්වා සියල්ලන්ටම මෙලෙච්ඡ විදිහට පහර දුන්නා. අපි සදාචාරය, නීතිය කිසිවක් සලකන්නේ නැහැ. අපිට ඕනෑ දේ අපි කරනවා කියන සංඥාව තමයි ආණ්ඩුව මේ සමාජයට දෙමින් ඉන්නේ.
හැබැයි කලින් ආණ්ඩු මේ වගේ මැර වැඩ හොර රහසේ කළා. නමුත් මේ ආණ්ඩුව මේ මැර ක්‍රියා ප්‍රසිද්ධියේම කරන්න පටන් අරගෙන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා ඇවිල්ලා ප්‍රසිද්ධියේ බලහත්කාරයෙන් දේපලකට ඇතුල් වෙලා, පහරදෙමින්, දේපල විනාශ කරමින් නින්දිත විදිහට හැසිරුණා.
දැන් ජනතාව තේරුම් ගන්න ඕනේ කාරණය තමයි, ආණ්ඩුවේ මේ හැසිරීම මෙතැනින් නවත්තන්න මැදිහත් නොවුණොත්, ඉස්සරහට මේක පොරවෙන්වත් කපන්න බැරි පිළිලයක් බවට පත්වෙනවා. මොකද ආණ්ඩුව මේ යන IMF විනාශකාරී මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ කියන්නේම බලහත්කාරයෙන් මර්දනයෙන් යන්න වෙන පාරක්. ඒ නිසා තමයි ජේ.ආර්.ගේ ඉඳලා රාජපක්ෂලා වෙනකල් සියලු ආණ්ඩු මැර බලය පාවිච්චි කරගෙන ආණ්ඩු ගෙනිච්චේ.
මේ ආණ්ඩුවත් ප්‍රසිද්ධියේ කියලා තියෙන්නේ, අපි වෙනස් නොකර IMF කොන්දේසි ඉටු කරන පාරේ යනවා කියලා. අන්න ඒ ගමනට මූලාරම්භයක් තමයි ආණ්ඩුව ඊයේ යක්කලින් පටන් ගත්තේ.
අද මේ නින්දිත ක්‍රියාවට එරෙහිව විශාල පිරිසක් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා. වෘත්තීය සමිති නියෝජිතයන්, කලාකරුවන්, සිවිල් පුරවැසියන්, දේශපාලන පක්ෂ වගේම රටේ ජනතාවත් ආණ්ඩුවේ මේ හැසිරීම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා ඒ සියලු බලවේග එකතු කරගෙන ආණ්ඩුවේ මර්දනයට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්.”