ට්‍රම්ප්ව නවත්වන්න බැරි වෙයි - ඉරානයට එරෙහිව කරන යුද්ධේ සීමා කරන්න ගෙනාව යෝජනාවට සෙනෙට් සභාවේදී අන්ත පරාජයක්

Report

අමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවට, ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට සීමා පැනවීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම යෝජනාව කොංග්‍රස් අනුමැතියකින් තොරව ඉරානයට එරෙහි හමුදා ක්‍රියාමාර්ග නවතා දමන ලෙසට ඉදිරිපත්ව තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා, එහෙත් අඳාළ යෝජනාවට පක්ෂව ඡන්ද 47ක් සහ විපක්ෂව ඡන්ද 53ක් හිමිවීම හේතුවෙන් එය පරාජයට මෙසේ පත්ව තිබෙනවා.

එමෙන්ම එම යෝජනාව පරාජයට පත්වීමත් සමඟ ඊශ්‍රායලය මඟින් ඉරානයේ ටෙහෙරාන් නගරය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ඉරානයට කරපු විනාශයට ට්‍රම්ප්ට රට ඇතුළින්ම ලෝක නඩුවක් - අනුමැතියක් නැතුව යුද්ධ කළාට විපක්ෂයෙන් විරෝධයක්

ඉරානයට කරපු විනාශයට ට්‍රම්ප්ට රට ඇතුළින්ම ලෝක නඩුවක් - අනුමැතියක් නැතුව යුද්ධ කළාට විපක්ෂයෙන් විරෝධයක්

එමෙන්ම ඊශ්‍රායලය, ලෙබනනයට එල්ල කරන ප්‍රහාර ද දැඩි කර ඇති බව වාර්තා වේ.

දැනටමත් ගොඩබිම් මාර්ගයෙන් ද ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර පුද්ගලයින් 72කු පමණ එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසයි.

කෙසේ වුවත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තමන් කිසිවිටකත් යටත් නොවන බව හිස්බුල්ලා සංවිධානය දන්වා සිටියි.

වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු බෝම්බ හෙළීමක් - නගරයේ සියල්ල සුණු විසිණු වෙයි

වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු බෝම්බ හෙළීමක් - නගරයේ සියල්ල සුණු විසිණු වෙයි

ඒ අනුව හිස්බුල්ලා සංවිධානයේ නායක නයිල් කසේම් කළ ප්‍රකාශයකට අනුව, ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නතර කිරීමට සූදානම් නොමැති බව සඳහන්.

එසේම මේ වන විටත් දකුණු ලෙබනන් කලාපයේ හිස්බුල්ලා සහ ඊශ්‍රායල් හමුදා අතර දරුණු ගැටුම් පවතින බව සඳහන්.   

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

ගෑස් මිල වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

සුළු මොහොතකට පෙර ඉරාන නැවට පහරදුන්නේ තමන් බව ඇමරිකාව නිවේදනය කරයි

සුළු මොහොතකට පෙර ඉරාන නැවට පහරදුන්නේ තමන් බව ඇමරිකාව නිවේදනය කරයි