වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු බෝම්බ හෙළීමක් - නගරයේ සියල්ල සුණු විසිණු වෙයි
By Kaushi
වයඹ දිග ඉරානයේ බුකන් නගරයට දරුණු ආකාරයේ බෝම්බ හෙළීමක් සිදු කර ඇති බව එරට අර්ධ රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සියක් සඳහන් කර ඇත.
ඒ අනුව අඳාළ ප්‍රහාරයෙන් රාජ්‍ය ගොඩනැගිලි, නිවාස සහ ව්‍යාපාරික මධ්‍යස්ථාන විනාශවී ඇති බව සඳහන්.
එසේම ලෙබනනයේ අගනුවරට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඊට අමතරව තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.
බේරූට්-රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ((RFHA) ආසන්නයේ දී අඳාළ ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.