අවුරුද්දට ගම්බිම් බලා යාමට අද සිට බස් ධාවනය සිදු වෙන්නේ මෙහෙමයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම 4000ක් සහ පෞද්ගලික බස් රථ 3000ක් පමණ යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසනවා.
එමෙන්ම මගී අවශ්‍යතාව මත යෙදවීම සඳහා තවත් පුද්ගලික බස් රථ තුන්සියයක ඇණියක් ද සූදානම් කර ඇති බවත් ඔහු කියා සිටියා.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ, කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළ හරහා ගම්බිම් බලා යන මගීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක බවත් ඒ අනුව බස් රථ ධාවන කාල වරින් වර වෙනස් කරමින් සේවා අවශ්‍යතාව මත බස් රථ යොදවන බවත්ය.
මීට අමතරව කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළින් ගමන් අරඹන දුරගමන් සේවා බස් රථ ලබන 18 වනදා තෙක් කාල සටහන්වලට අනුව ධාවනය නොකරන බවත් මගී අවශ්‍යතාව මත බස් රථ තුන් හාරසියයක් අමතරව යොදවන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස පැවසීය. සඳහන් කළා.
එමෙන්ම බස් රථවලදී මගීන්ට සිදුවන අපහසුතා වැළැක්වීමටද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |