ඇපල් වතු පෙන්නා මුදල් ගැරූ හොර දොස්තර මාට්ටු.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු බොරැල්ල පොලිසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රෝහලේ වෛද්‍යවරයෙකු නොවන මෙම සැකකරු වෛද්‍යවරුන්ගේ නිල ඇඳුම හා සමාන ඇඳුමක් ඇඳ, වෙද නළාවක්ද කරේ එල්ලා ගනිමින් රෝහලට පැමිණෙන විවිධ පුද්ගලයින් රවටා මුදල් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් මරදාන පොලිසියටද පැමිණිල්ලක් සිදුකර ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකුද පොලිස් ස්ථාන වෙත සිදු කළ පැමිණිලි මත ඔහු අත්අඩංගුවට ගැනුණා.
ඔහුගේ වංචාවට හසු වූ මරදාන ප්‍රදේශයේ පුද්ගලයෙක් පැමිණිලි කර ඇත්තේ, තමාව ඔස්ට්‍රේලියාවේ ඇපල් වත්තකට වැඩට යවන බව කියමින් තමාගෙන් රුපියල් හැටපන්දහසක මුදලක් වංචා කළ බවයි.
එමෙන්ම එවැනිම ආකාරයටමම ඔස්ට්‍රේලියාවේ ඇපල් වත්තක වැඩට යවන බව පවසා කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන්ද රුපියල් පනස් පන්දහසක මුදලක් ඉල්ලා තිබෙනවා.
තමාගේ ඇපල් වතු දෙකක් තිබෙන බවත් එහි සේවය සදහා දුගී දුප්පත් දෙදෙනෙකුට අවස්ථාව දෙන බවත් ඒ සදහා ලක්ෂ ගණන් අය නොකරන නමුත් ලේඛන ගාස්තු පමණක් ලබාදෙන බවත් කියමින් සැකකරු මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් වංචනික අන්දමින් මුදල් ලබාගෙන ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |