රෝහලෙන් පිටව ගිය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යළිත් දේව මෙහෙයන්ට නායකත්වය දෙයි

By Sithumi Apr 02, 2023 04:49 PM GMT
Sithumi

Sithumi

Report

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරිදා ශාන්ත පීතර චතුරශ්‍රයේ දිව්‍ය පූජාවට නායකත්වය දෙමින් මෙම වසරේ පාස්කු දේව මෙහෙයන් ආරම්භ කරනු ලබනවා. 

  උන්වහන්සේ රෝහලෙන් පිටව ගොස් දිනකට පසු පාම් ඉරිදා (Palm Sunday) දේව මෙහෙයට නායකත්වය ලබා දීම විශේෂත්වයක්. හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් පාප් වහන්සේ පසුගිය බදාදා දිනයේ රෝමයේ ගෙමෙලි රෝහලට ඇතුළත් කරනු ලැබුවා. 

  අනතුරුවයි උන්වහන්සේට බ්‍රොන්කයිටිස් රෝග පවතින බවට හඳුනා ගෙන තිබුණේ. 

 එමෙන්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමා රෝහල් ගතව සිටියදී ඔහු වෙනුවෙන් යාච්ඤා කළ අයට ස්තුතිවන්ත වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.