තවත් රටක කොවිඩ් ආසාදිතයන් කෝටිය ඉක්මවයි.. පැය 24 තුළ ලක්ශ දෙකක්...
By Sithumi
කොවිඩ් ආසාදිතයින් කෝටිය ඉක්මවූ 6වන රට බවට ප්‍රංශය පත්වී තිබේ. ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 219,126 දෙනෙකු හඳුනාගැනීමත් සමග ප්‍රංශයෙන් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,191,926 දෙනෙකු දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍ය සහ රුසියාව කොවිඩ් ආසාදිතයින් කෝටිය ඉක්මවා වාර්තා වී ඇති සෙසු රටවල් වෙයි. මේ වනවිට ප්‍රංශයේ ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය බවට පත්වෙමින් පැතිර යන්නේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයයි.
එම ප්‍රභේදය දෛනික ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාමට හේතුවී ඇති අතර ඊයේ (01) දිනයේ අඛණ්ඩව එරට දෛනික ආසාදිතයින් දෙලක්ෂය ඉක්මවූ සිව්වන දිනය ලෙස වාර්තා වී ඇත.