විශ්වවිද්‍යාල සිසුන් හතරක් අත්අඩංගුවට..
By krishani
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීම සම්බන්ධයෙන් තවත් විශ්වවිද්‍යාල සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිසුන් 10දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 10 වන දින රාත්‍රී කාලයේදී විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමක් සිදුකර උප කුලපතිවරයාගේ නිවසට ද හානි සිදුකර තිබුණු අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 12දෙනෙකු හඳුනාගෙන ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගත්හ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |