ලාඕසයේ අඩි 1000ක් ගැඹුරු ගුහාවේ පුද්ගලයින් 7 දෙනෙක් සිරවේ - සිව්දෙනෙකු බේරා ගැනේ
ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි අඳුරු භූගත ගුහාවක් තුළ දින 10 කට ආසන්න කාලයක් තිස්සේ සිරවී සිටි පුද්ගලයන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සිව්දෙනෙකු (04) නිරුපද්‍රිතව මුදාගැනීමට ලාඕසයේ සහ තායිලන්තයේ ඒකාබද්ධ සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ.
ප්‍රදේශයේ රත්‍රං නිධි සෙවීම අරමුණු කරගනිමින් එම ප්‍රාදේශීය ගම්වැසියන් 7 දෙනා පසුගිය මැයි මස 20 වැනිදා මෙම අවදානම් සහගත භූගත ගුහාව තුළට ඇතුළු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සනාථ කරයි.
ඔවුන් ගුහාව තුළ ගවේෂණයේ නිරත වෙමින් සිටි අතරවාරයේදී එම කලාපයට හදිසියේම ඇද හැලුණු දරුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගුහාව අභ්‍යන්තරයේ මඩ නායයෑම් කිහිපයක් සිදුව ඇත.
මෙලෙස සිදු වූ නායයෑම් හේතුවෙන් ගුහාවට ඇතුළු වන ප්‍රධාන දොරටුව සහ පිටවීමේ මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ වැසී ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන්ට යළි පිටතට පැමිණීමට නොහැකිව දින ගණනාවක් පුරා අසරණව එහි සිරවීමට සිදුවිය.
කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේදී අසීරුවෙන් හෝ ඉන් මිදී එක් පුද්ගලයෙකු පමණක් මුලින්ම ගොඩට පැමිණීමට සමත්ව ඇති අතර, ඔහු විසින් වහාම ක්‍රියාත්මක වී ගුහාව තුළ සිරවී සිටින සෙසු පිරිස පිළිබඳව ප්‍රාදේශීය වගකිව යුතු බලධාරීන් දැනුවත් කර තිබේ.
ඔහු ලබා දුන් එම තීරණාත්මක තොරතුරට අනුව වහාම ක්‍රියාත්මක වූ ලාඕස සහ තායිලන්ත විශේෂඥ සහන සේවා නිලධාරීන්, අතිශය දුෂ්කර උපකරණ සහ තාක්ෂණය යොදාගනිමින් මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම දියත් කරන ලදී.
දැනට බේරාගත් සිව්දෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, ගුහාව තුළ තවදුරටත් සිරවී සිටින ඉතිරි පුද්ගලයන් දෙදෙනා ද කඩිනමින් මුදාගැනීම සඳහා වන මෙහෙයුම් බාධක මධ්‍යයේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතියි.