එකම රෝහලකින් එකවර කොවිඩ් මරණ 4 ක් වාර්ථා වේ

Covid Deaths
By Thaya Jan 09, 2021 05:52 PM GMT
Report

මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක්, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ඕපනායක ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මිය ගොස් ඇත.

ඔවුන් සියලුදෙනාම හෝමාගම මූලික රෝහලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියෙගොස් ඇති බව වාර්තා වේ