නුවරඑළියට පිවිසිය හැකි මාර්ග 4ක් යථා තත්ත්වයට
අධික වර්ෂාව නිසා පස්කඳු කඩාවැටී ගමනාගමන අපහසුතාවයට පත් වූ මහනුවර–නුවරඑළිය මාර්ගය ඇතුළු මාර්ග 4ක් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළාය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (10) පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඇය පැවසූවේ, මෙම මාර්ග ප්‍රතිසාධනය කිරීමේ සියලු කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ අනුව ඉදිරියට ගෙන ගොස් තිබෙන බවයි.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, එම මාර්ගවල බර වාහන ධාවනයද මේ වනවිට නිර්දේශිත ප්‍රතිසංස්කරණ අනුව පියවරෙන් පියවර විවෘත කිරීමට කටයුතු කල බවයි.