ධීවරයින් සිව්දෙනෙකු සමඟ මුහුදු ගිය යාත්රාවට සිදුවූයේ කුමක්ද? - යාත්රාව සොයා මෙහෙයුම්
By Malith Madushan
මාතර, කුඩාවැල්ල ප්රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු රැගත් යාත්රාවක් අතුරුදන් වී තිබේ.
අතුරුදන් වූ ධීවර යාත්රාව සහ එහි සිටින ධීවරයින් සොයා ශ්රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මේ බව නාවික හමුදා මාධ්ය ප්රකාශකවරයා සඳහන් කර තිබේ.