පහළ කඩුගන්නාව නායයෑමෙන් මියගිය සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළට [UPDATE]
පහල කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ අද පෙරවරු 9.00ට පමණ වෙළඳසැලක් මතට පස් හා ගල්පෙරළීමෙන් සිදු වූ නායයෑම හේතුවෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, මෙම අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම වෙළඳසැලේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 10කට ආසන්න පිරිසක් සිටි බව වාර්තා වෙයි.
සුන්බුන් අතර සිරව සිටින ඉතිරි පුද්ගලයින් මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. තවත් පිරිසක් රෝහලේ ප්‍රතිකාර ලබයි.