පිරිමි ළමුන් හතරක් අතුරුදන් වෙයි - මව්පියන්ගෙන් වහාම හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (13) රාත්‍රියේ සිට, නෙළුව දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතරව සිටි පවුල් කිහිපයක පිරිමි ළමයන් හතර දෙනකු අතුරුදහන් වී තිබෙනවා.
මෙසේ අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 01 මාස 03, අවුරුදු 10 සහ අවුරුදු 13 යන වයස්වල පසුවන පිරිමි ළමයින් සිව් දෙනෙක් ය.
මොවුන්ගේ දෙමාපියන් නෙළුව ප්‍රදේශයේ වතුවල තාවකාලිකව වැඩ කිරිමට මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නරත වී තිබෙනවා.
ඒ අතරතුර දී ඊයේ රාත්‍රියේ සිට දරුවන් අතුරුදහන් බවට ඔවුන්ගේ මව්පියන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත.
කෙසේවෙතත්, ඔවුන් සම්බන්ධයෙන් කිසිම තොරුතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |