බැංකු ක්ෂේත්‍රයම කැළඹූ මහා ජාවාරම - බිලියන 86ක් රට පැන්නූ බැංකු නිලධාරීන් සිව්දෙනාට ඇප - අඳාළ බැංකු වෙත ඇතුළුවීමත් තහනම්

Report

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36ක හිමිකරුවකු බව කියන ඡාවාරම්කාර ජෙෆ්රි මොහොමඩ් නමැත්තා හා එක්ව අමෙරිකන් ඩොලර් මිලියන 80 ක් විදේශගත කර රජයට, පාඩු කළේ යැයි කියන සිද්ධියට අඳාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකු නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (17) දින නියෝග කර තිබුණා.

ඒ අනුව එක් සැකකරුවකුට රුපියල් 25,000/= ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් කළා.

එසේම සැකකාර බැංකු නිලධාරීන්ට අඳාළ බැංකු වෙත ඇතුළුවීම තහනම් කරමින් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර ඇත.

දුම්රිය අවුල් ගොඩක් වෙයි - රෑ 12ට කළින් දුම්රිය නැවැත්වීමට බලධාරින් සැරසෙයි.. බරපතළ චෝදනාවක්

දුම්රිය අවුල් ගොඩක් වෙයි - රෑ 12ට කළින් දුම්රිය නැවැත්වීමට බලධාරින් සැරසෙයි.. බරපතළ චෝදනාවක්

මේ අතර මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ජෙෆ්රි මොහොමඩ් සහ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වු මොහොමඩ් ඉන්ෆාඩ් යන දෙදෙනා ලබන 01 වැනි දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ද අධිකරණයෙන් නියෝග නිකුත් විය.

මෙම සිද්ධියට අඳාළ නඩුව අද (17) දින කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ‍ඉදිරිපත් විය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ඔස්වල්ඩ් පෙරේරා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර සිටියා.

එසේම මෙම සිද්ධියට අඳාළ පළමුවෙනි සැකකරුට මත්ද්‍රව්‍ය පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණය පනත යටතේ කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළ බවත් එම සැකකරු විසින් ලක්ෂ 65කට අධික මුදලක් මත්ද්‍රව්‍ය ජවාරම් ඔස්සේ උපයා ගෙන බැංකු ගත කර ඇති බවත් රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දී සිටියා.

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් එන්න යන අලුත් නීති.. මීට පස්සේ මේවා භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා

එහිදී වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු රජයේ නීතීඥවරයා පැවසුවේ,

"ස්වාමිනි ඇමෙරිකන් ඩොලර් බිලියන 190ක් මෙරටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී මෙම මහා ජාවාරම අනාවරණය වුණා. මේ නඩුවේ පළවෙනි සැකකරු තමයි ජෙෆ්රි මොහොමඩ්. ඔහු සමාගම් 36ක් පිහිටවනවා. මේ සමාගම් 36ට අමතරව තවත් සමාගම් 5ක් ගැන කරුණු අණාවරණය වෙනවා. ඒ වගේම තවත් මුස්ලිම් බැංකුවක් ද මෙයට සම්බන්ධ වෙලා. මෙම සිද්ධියේ පළමු සැකකරු විසින් 1554 වතාවක් ගණුදෙනු හුවමාරු කරගෙන තියෙනවා. බිලියන 12, මිලියන 415ක් සහ හත් ලක්ෂ පනස් නවදාහස් එකසිය හතළිස් හතක මුදලක් ද ඒ අයුරින් හුවමාරු කරගෙන. දැනට කරලා තියෙන විමර්ශනයට අනුව මොහු බිලියන 86ක මුදලක් රටින් පැහැර කරලා."

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර බැංකු නිලධාරින්ට ඇප ලබා දෙමින් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ලබන 01 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීමට නියෝග කර ඇත.

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම

ආදායම් බදු ගෙවන්නට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ලබන 30ට පෙර නොකළොත් මෙන්න දඬුවම