ලක්ෂය ඉක්මවූ පතොරම් ගබඩාවක් හමුවෙයි..කරන්න තිබූ මහා විනාශයක් නවතී.(PHOTOS)

Police Sri Lanka Jaffna Sri Lanka army Ltte
By Aruna Dec 16, 2021 02:07 AM GMT
Aruna

Aruna

Report

කිලිනොච්චිය - කෝරක්කන්කටු ප්‍රදේශයේ ඉඩමක තිබී සොයාගත් ටී. 56 පතොරම් ප්‍රමාණය ලක්ෂය ඉක්මවා ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසනවා.

පොලීසිය පැවසූවේ අදාළ ගෙවත්තේ ඉදිකිරීමක් වෙනුවෙන් වළක් කැපීමේදී පතුරම් පෙට්ටි දෙකක් තිබි පසුගිය 13 වැනිදා හමු වූ බවයි.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය ඊයේ (15) දිනයේ සිදුකළ කැණීම්, තුළින් අදාළ පතොරම් සොයාගත් බව ද පොලිසිය පැවසුවා.

පතොරම් බහාලන පෙට්ටියක් තුළ ටී. 56 පතුරම් 750 බැගින් පවතින අතර, මේ වන විට හමු වූ පෙට්ටි තුළ ටී. 56 පතොරම් 64,500 ක තොගයක් සොයාගෙන ඇති බවයි කිලිනොච්චිය ආරක්ෂක අංශ සඳහන් කළා.

අදාළ පෙට්ටි තුළ නොමැතිව වළ තුළ තිබී, තවත් පතොරම් 40000 කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට හමුව ඇති අතර, යුද සමයේ එල්. ටී. ටී.ඊ සංවිධානය නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා ගිය පතොරම් තොගයක් එලෙස හමුවන්නට ඇති බවටයි පොලීසිය කියා සිටියේ.

යුද්ධය පැවති අවධියේ අදාළ ස්ථානය අවි ගබඩාවක් වශයෙන් පවත්වාගෙන යන්නට ඇති අතර, අදාළ ස්ථානය තවත් පතුරම් විශාල තොගයක් ඇති බවට සැක කරන බව ද කිලිනොච්චිය පොලිසිය පැවසුවා.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශ තවදුරටත් අදාළ ස්ථානයේ අද (16) කැණීම් සිදු කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery